පළාත් පාලන ඡන්දය ගැන මෛත්‍රි ශ්‍රීලනිප නියෝජිතයෝ දැනුවත් කරයි

July 20, 2016

මීළග පළාත් පාලන මැතිවරණය ස්ථිර ලෙසම ආසන මට්ටමෙන් පවත්වන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (19) පැවැති ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ නියෝජිත හමුවේදි ප්‍රකාශ කර ඇත. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව කොළඹ පදනම් ආයතනයේදී . පැවැත්විනි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය ඇතුළු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන්, අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු සහ පක්‍ෂකි‍්‍රයාකාරිකයන් මෙන්ම ආසන සංවිධායකයන් රැසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිට ඇත.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට සූදානම් වන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසීය.

මෙහිදී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇත්තේ ස්ථිර ලෙසම මීළග පළාත් පාලන ආයතන ඡන්දය ආසන ක‍්‍රමයට පවත්වන බවයි.

පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණයද ආසන ක‍්‍රමයට පැවැත්වීම සදහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබේ.

ඒ අනුව නව මැතිවරණ ක‍්‍රමය යටතේ මීළග පළාත් පාලන මැතිවරණයට සූදානම්වීම සඳහා ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා වී ඇත.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p