බැසිල් බන්ධනාගාරයෙන් ජාතික රෝහලට

July 20, 2016

දිවි නැගුම අරමුදලෙන් කළ මිළදී ගැනිමක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගරගත කරන ලද හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඊයේ (19) සවස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා කළ නිර්දේශයක් මත බැසිල් රාජපක්ෂ මහතා මෙලෙස ජාතික රෝහලේ 15 වෙනි වාට්ටුවට ඇතුළත් කර තිබේ.
බැසිල් රාජපක්ෂ මහතාව ඉකුත් 18 දා කොළඹ මුල්‍ය අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන අගෝස්තු 01 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ඇතුළත් කළ බැසිල් රාජපක්ෂ මහතා පසුව බන්ධනාගාර වෛද්‍යවරයාගේ පරික්ෂාවකට ලක් කර ඇත්තේ ඔහුගේ නිතිඥයින් විසින් බන්ධනාගාර කොමාසරිවරයාගෙන් කළ ඉල්ලිමකට අනුවය. ඒනුව ඔහුව ඊයේ සවස කොළඹ ජාතික රෝහලේ මර්චන්ට් වාටුවට ඇතුළත් කළ අතර එම ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක් මේ වන විට යොදා ඇත.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p