ගල් අගුරු ටෙන්ඩරය ගැන පාර්ලිමේන්තුවත් සොයයි

July 19, 2016

පුත්තලම ලක්විජය බලාගාරයට ගල් අගුරු මිලදී ගැනිමේ ටෙන්ඩරයන් හි දුෂණ අක්‍රමිකතා වි ඇති බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා බලශක්තිය පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේදි 20 දා (අද) සවස රැස්වීමට නියමිතය.
ගල් අගුරු මිලදි ගැනිමේ ටෙන්ඩරයන් සම්බන්ධයෙන් විගණකාධිපතිරයා ඉදිරිපත් කර ඇති තොරතුරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරිම සඳහා ආංශික අධික්ෂණ කාරක සභාව රැස්වෙන බව එම කමිටුවේ සාමාජිකයෙකු පැවසීය.
විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා ප්‍රධාන අමාත්‍යාංශ නිලධාරින්, ලංකා විදුලි බල මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ලංකා කෝල් සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය හා මෙම ගණුදෙනුවට සම්බන්ධ වූ නිලධාරින් මෙන්ම විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින්ද කැදවා පූර්ණ විමර්ශනයක් කිරිමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආංශික අධික්ෂණ කාර්ක සභාව පාර්ලිමේන්තුවේදි 20 දා රැස්වේ.
පුළුල් විමර්ශනයකින් පසු ගල් අගුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් හෙළි වූ කරුණු ඇතුළත් විමර්ශන වාර්තාවක් පාර්ලිමේන්තුවට භාරදිමටද ආංශික අධික්ෂණ කාරක සභාව 20 දා තීරණයක් ගන්නා බවද කමිටු සාමාජිකයෙකු සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p