අර්ජුන මහේන්ද්‍රන්ට ආණ්ඩුවෙන් තවත් ජොබ් එකක්

July 19, 2016

යහපාලනය සඳහා වූ ජාතික රජයේ ප්‍රමුඛතම වැඩසටහනක් වන රැකියා දස ලක්ෂයේ වැඩපිළිවෙල ඇතුළත් පස් අවුරුදු සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධානියා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාව පත් කිරිමට රජය තීරණය කර ඇත.
යහපාලන ප්‍රතිපත්ති යටතේ තරුණ තරුණියන් සඳහා වසර 4 ක ාලයක් තුළ රැකියා දස ලක්ෂයක් බිහි කිරිම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණ සමයේ ලබාදුන් ප්‍රති ඥාවකි.
රැකියා දස ලක්ෂයක් බිහි කිරිම ඇතුළු පස් අවුරුදු වැඩපිළිවෙලට යහපාලනය සඳහා වූ ජාතික රජයේ ඉදිරි සංවර්ධන ව්‍යාපෘති සියල්ල ඇතුළත් වි ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුත් කිරිම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවෙන් නිෙදාස් කොට නිදහස් කරන තෙක් යළි මහ බැංකුවේ අධිපතිධූරය භාර ගැනිම අර්ජුන මහේන්ද්‍රන් මහතා ප්‍රතික්ෂේප කළේය.
ලෝකයේ අග්‍රගන්‍ය ආර්ථික විශේෂඡයෙකු ලෙස නමක් දිනාගත් අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන පස් අවුරුදු සංවර්ධන සැලැස්මේ කටයුතු සඳහා සහායවීමට මෙරට රාජ්‍ය අංශයේ හා පෞද්ගලික අංශයේ ප්‍රධානීන් කිහිප දෙනෙකුගේ සහායද හිමිවිමට නියමිතය.
ඉන්දියාව සමඟ අත්සන් කිරිමට යෝජිත ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම (ඡ්ඊඛ්ඒ), ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර අත්සන් කිරිමට යෝජිත නිදහස් වෙළෙද ගිවිසුම, චිනය සමඟ අත්සන් කිරිමට යෝජිත ආර්ථික ගිවිසුම ආදි ඉදිරි වසර 4 ඇතුළත මෙරට ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රගතියට අදාළ ජාත්‍යන්තර එකඟතාවලට එළැóමද අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුතු පස් අවුරුදු සැලසුම් ව්‍යාපෘතිය මගින් කිරිමටද නියමිතවේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිංගප්පූරුවට ගිය නියෝජිත පිරිසේ සාමාජිකයෙකුද වන අර්ජුන මහේන්ද්‍රන් මහතා 20 දා අලූයම දිවයිනට පැමිණිමට නියමිත අතර 21 දා අරලියගහ මන්දිරයේදි  පස් අවුරුදු සැලසුම සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ විශේෂඥයන් හා විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වෙනු ඇත.

Lakshman-Arjuna-Mahendran-640x400

Sammy

Previous story Next story

Leave a comment

t

o

p