විදේශ ශ‍්‍රමිකයින්ට වන්දි ප්‍රදානය කෙරේ

July 18, 2016

විදේශ රැකියාවේ නිරත වෙමින් සිටිය දී සිදුවූ විවිධ කරදර හා අනතුරු හේතුවෙන් අසරණ වූ ශ‍්‍රමිකයින්ට හා ඔවුන්ගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් විගමනික සේවක සුභසාධක අරමුදල මඟින් රුපියල් ලක්‍ෂ 66 කට අධික වන්දි මුදල් පිරිනැමීම සිදු කෙරිණි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මෙම වන්දි ප්‍රදානය සිදුකෙරිණි. ශ‍්‍රමිකයින් 37 දෙනෙකු වෙනුවෙන් මෙහිදී වන්දි මුදල් පිරිනමන ලදී.

වන්දි ප්‍රදානයෙන් අනතුරුව අඳහස් දැක්වූ අමාත්‍යවරිය, ”විදේශ රැකියාවල නිරතවන ශ‍්‍රමිකයින් කාර්යාංශයේ ලියාපදිංචිය අනිවාර්යෙන් ලබාගත යුතුයි. ලියාපදිංචිය ලබා ගත්තොත් තමයි,රජයක් විදිහට ඒ ශ‍්‍රමිකයින් වෙනුවෙන් වග කියන්න පුළුවන් වෙන්නේ. ඇතැම් වෙලාවට විදේශ රැකියාවලදී නොයෙක් කරදරවලට ලක් වෙන්න සිද්ධ වෙනවා.

ශ‍්‍රී ලංකාව මිනිස් ජාවාරමේ යෙදෙන රටක් හැටියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධීක්‍ෂණයට ලක්වෙමින් තිබෙන්නේ. මේ නිසා බරපතල තත්වයක් ඇති වෙලා තියෙනවා.මේ තත්ත්වය අපි ඉක්මණින් වෙනස් කළ යුතුයි. අපි මැදි ආදායම් ලබන රටක් විදිහට අපේ රට සංවර්ධනය කරන්න ජාත්‍යන්තරයෙන් ණය ගන්න සිද්ධ වෙලා තියෙනවා. මේ තත්වය මත අපි බොහොම වගකීමෙන් වැඩකරන්න අවශ්‍යයියැයි අමාත්‍යවරිය ප්‍රකාශ කළාය.

60dd4899d5aac4c84411a49ed486371f_L

Sammy

Previous story Next story

Leave a comment

t

o

p