නාමල්ට ඇප ලැබෙයි

July 18, 2016

මන්ත්‍රීවරයාට විදේශ ගමන් තහනම් කළ විනිසුරුවරිය ඔහුට අයත් විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාරදෙන ලෙස ද නියෝග කර ති‍බේ.

අදාළ නඩුව අද (18) කැඳවූ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේ ක්‍රිෂ් සමාගමෙන් ලබාගත් බව කියන රු.මිලියන 70කට අධික මුදල නාමල් රාජපක්ෂ මහතා විසින් වියදම් කළ ආකාරය ගැන තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

ඊට අදාළව විදෙස් ජාතිකයින් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගත යුතුව ඇති බැවින් ඇප ලබාදුන හොත් පරීක්ෂණවලට බාධාවිය හැකි බැවින් මන්ත්‍රීවරයා තවදුරටත් රිමාන්ඩ් බාරයට පත්කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

එසේ වුවද ඊට එරෙහිවූ විත්තියේ නීතිඥයින් ක්‍රිෂ් සමාගමට නාමල් රාජපක්ෂ මහතා විසින් ලියන ස්තූති ලිපිය මගින් අදාළ මුදල් වියදම් කළ ආකාරය පිළිබඳ පෙන්වා දී ඇති බවත්,අදාළ මුදල් රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට යොදාගෙන ඇති බව එයින් දන්වා ඇති බවත් සඳහන් කර ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ  මහේස්ත්‍රාත්වරිය මෙම ඇප නියෝගය ලබාදුන් අතර වැඩිදුර නඩු විභාගය අගෝස්තු මස 8 වන දින දක්වා කල් තබන ලදී.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p