කටුනායක ගුවන්තොටුපොල වසා දමයි?

July 18, 2016

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ප්‍රධාන ගුවන් ධාවන පථය ලබන වසරේ මුල් භාගයේ මාස 3 ක කාලයක් ප්‍රතිසංස්කරණ කටයුතු සදහා වසා දැමෙන බව ගුවන්තොටුපොල ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව, ලබන වසරේ ජනවාරි 6 වනදා සිට අප්‍රේල් 7 වනදා දක්වා උදෑසන 8.30 සිට පස්වරු 4.30 දක්වා කාලය තුළ කටුනායක ගුවන්තොටුපලේ ප්‍රධාන ධාවන පථය වසා තැබෙන බව ගුවන්තොටුපල සහ ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව, රාත්‍රී කාලයේදී පමණක් එහි ගුවන් ධාවන කටයුතු සිදුකෙරෙන අතර විකල්පයක් ලෙස මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල යොදා ගන්නා ලෙස ගුවන් සේවාවන්ට දැනුම්දී ඇති බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසී ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p