පරණ ෆෝන් වලට වට්ස්ඇප් බැහැ

July 17, 2016

ලෝකයේ මේ වන විට ස්මාර්ට් ජංගම දුරකතන පරිශීලකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්ව ඇති ජංගම දුරකතන යෙදුමක් වන WhatsApp යෙදුම, පැරණි මෙහෙයුම් පද්ධති සඳහා සහාය දැක්වීම 2016 දෙසැම්බර් 31 න් පසු නවතා දමන බව එම සමාගම නිවේදනය කර සිටී.

මේ අනුව BlackBerry (BlackBerry 10 ද ඇතුළත්ව), Nokia S40, Nokia Symbian S60, Android 2.1 and Android 2.2, Windows Phone 7.1 and iPhone 3GS/iOS සඳහා WhatsApp සහයෝගය මෙම වසරින් නිමා වනු ඇත.

මේ සම්බන්ධයෙන් සමාගම විසින් තම පරිශීලකයින් වෙත WhatsApp පණිවුඩයක් හරහා නිවේදනයක් ද නිකුත් කර තිබේ. පහත දැක්වෙන්නේ එම දැනුම් දීමයි.

“Unfortunately, you won’t be able to use WhatsApp after 31/12/2016 because WhatsApp will no longer support your phone.”

WhatsApp හි අයිතිය ෆේස්බුක් සමාගම සතුවන අතර මේ වන විට ලොව පුරා බිලියනයකට අධික පරිශීලකයින් පිරිසක් WhatsApp යෙදුම තම ස්මාර්ට් ජංගම දුරකතනය තුළ ස්ථාපිත කර ගෙන ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p