සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනයට චීන මැදිහත් වීම ඇගයේ

July 17, 2016

ලෝක ආර්ථිකය තුල චීනයට සුවිශේෂී ස්ථානයක් හිමිවන බවත්, එවැනි රටක් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා දායක වීම අගය කල යුතු බවත් ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

ජාතික යොවුන් සේනාංකය යටතේ ඇති දඹුල්ල “ලාහොටේලියර් ” හෝටල් සහ කළමනාකරණ පුහුණු ආයතනයේ චීන භාෂා පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මීට සමගාමිව දඹුල්ල “ලාහොටේලියර්” හෝටල් සහ කළමනාකරණ පුහුණු ආයතනයේ පාඨමාලා හදාරන ලද සිසුන් සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික ප්‍රදානය කිරීමද සිදු විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා,
චීන රජය ශ්‍රී ලංකාවත් සමඟ තිබෙන සබඳතා මෙවැනි වැඩසටහන් මගින් තවතවත් ශක්තිමත් වනවා. අද ලෝකයේ චීන රජයට වගේම චීන භාෂාවටත් ඉතා වැදගත් තැනක් හිමිවෙනවා. චීන භාෂාව සංචාරක ක්ෂේත්‍රය තුල ඉතා වැදගත් ස්ථානයක් ගන්නවා. මෙරටට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමටත්, සංචාරකයින්ට හොඳ සේවාවක් ලබාදීමටත් භාෂාව ඉගෙනීම තුලින් පහසු වෙනවා. ලෝකයේ භාෂා ගණනාවක් තිබෙනවා. මොන භාෂාව වුනත් ඉගෙනීම එතරම් පහසු නැහැ. නමුත් භාෂාවක් ඉගෙන ගැනීමෙන් පසු හිමිවන අවස්ථා ප්‍රමාණය විශාලයි.

වෘත්තීය ජීවිතය ජයගන්න පුළුවන් විනයකින් යුත් තරුණ පිරිසක් බිහි කිරීම අතිගරු ජනාධිපතිතුමාත්, ගරු අග්‍රාමාත්‍යතුමාත් ප්‍රමුඛ මේ රජයේ මුලික අරමුණක් ඒ නිසයි ගරු අග්‍රාමාත්‍යතුමාගේ කැබිනට් අමාත්‍යාංශය වන ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ තරුණ පුහුණු ආයතන ක්‍රියාත්මක කරන්න කටයුතු කර තිබෙන්නේ.

මේ රටේ ආර්ථික, සමාජ අවශ්‍යතාවන්ට ගැළපෙන කුසලතා පුර්ණ තරුණ පිරිසක් බිහිකිරීමේ අරමුණින් ජාතික යොවුන් සේනාංකය තවත් පුළුල්ව පවත්වා ගෙන යන්න අවශ්‍ය කටයුතු මේවන විටත් රජය ආරම්භ කර තිබෙනවා. වත්මන් රජය යටතේ තරුණ තරුණියන්ට තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න අවස්ථා ගණනාවක් ලබා දෙමින් සිටිනවා. මේ අවස්ථාවන් හොදින් ප්‍රයෝජනයට ගෙන රටේ සංවර්ධනයේ සුවිශේෂී පිරිසක් බවට පත් වීමට උනන්දු විය යුතුයි.

මෙහිදී අදහස් දැක් වූ චීන තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ කටයුතු උපදේශක වොන්ග් යින්ග්කි (Wang Yingqi) මහතා.
ශ්‍රී ලංකාව අපේ අසල්වැසි රටක් ලෙස හැමදාමත් සහයෝගයෙන් කටයුතු කරනවා. මේ රටේ යටිතල පහසුකම් සංවර්ධනයේ සිට විවිධ ක්ෂේත්‍ර වල සංවර්ධන කටයුතු සඳහා දායක වෙන්න අපට අවස්ථාව ලැබුණා. ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. චීන තානාපති කාර්යාලය හරහා ඉදිරියටත් මෙරටේ සංවර්ධනයන්ට දායක විය හැකි හැම අවස්ථාවකම චීන රජය සහයෝගය දෙන්න සුදානම් බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය කේ.ඒ.එස්. කිරගල, ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් බී.වී.ඩි.පි. අබේනායක ඇතුළු නිලධාරීන් පිරිසක් සහ චීන රජය නියෝජනය කරමින් නියෝජිත පිරිසක්ද සහභාගී විය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p