සනී කියන්නේ SEX ම නෙවෙයි

July 17, 2016

නිසල දිය ගැඹුරින් ගලා බසියි කියලා ප්‍රකට කියමනක් තියෙනවා. අපි හිතන අපි එදිනෙදා දකින අය ගැන අපිට ක්‍ෂණිකව බලලා තීරණය කරන්න අමාරුයි.  සනී ලියොන් මේ නම google ගිහින් search කරපු ගමන් වෙබ් අඩවි පිරෙන්න ඇගේ වැඩිහිටි ලිංගික චිත්‍රපට. ප්‍රතිචාර, ඇනුම් බැනුම් තියෙනවා. කොහොම වුණත් ලිංගික චිත්‍රපට රඟපෑම තම වෘත්තීය ජීවත්වීමේ මාර්ගය බවට පත්කර ගත්ත සනී ලියොන් අලුත්ම බොලිවුඩ් film ඒකක ප්‍රේමණීය චරිතයක් රඟපාන්න ගියපු කතාවක් තමයි දැන් අපිට දකින්න ලැබෙන්නෙ.

චිත්‍රපටය ‘බේමාන් ලව්.’ ලබන මාසෙ රිලීස් වෙන මේ film එකේ සනී රඟපාන්නේ රාජ්නීශ් ඩග්ගල් සමඟ. මේ film එකේ අඳුරු ආදර කතාවක කතා නායිකාව විදියට තමයි Main Character එකට සම්බන්ධ වෙන්නෙ.

නූතන සමාජයේ ආදරය ගැන කියැවෙන මේ film එකේ සනී ස්වාධීනව ශක්තිමත්ව ජීවත්වන ගැහැනියක විදියටයි දිවි ගෙවන්නෙ.ඒ සමාජයේ සියලු මානව සබඳතා සමඟ සිය දිවියේ අරුතද රැක ගනිමින් ගනුදෙනු කරමිනුයි. ඒත් filmඑකේ sunny මේ විදියට ජීවිතය ගතකරගෙන යනකොට එක්වරම කඩා වැටීමකට ලක්වෙනවා. ඉන් නොපසුබටව නැඟී සිටින ඇය බලවත් ව්‍යාපාරික කාන්තාවක ලෙස කරළියට එනවා.

සියල්ල වෙනස් වීමට පටන් ගන්නෙ එතැනිනුයි. වන් නයිට් ස්ටෑන්ඩ් සහ ටිනා ඇන්ඩ් ලොලෝ කියන film වලත් ප්‍රධාන චරිතය රඟපාලා තියෙන සනී මේ film එකෙත් වෙනස් මඟක් ගනිමින් රංගනයේ යෙදෙන බව තමයි චිචාරකයන් නම් කියන්නේ.

ඒත් සුපුරුදු ලෙසම සනීව සුරදූතිකාවක් වගේ පෙන්වන්නට නම් අධ්‍යක්ෂවරයා ඇයට පදමට මේකප් දමා තිබෙනවා.
සනී ‘ප්‍රකට ක්‍ෂේත්‍රයද’ නියෝජනය වන පරිදි නිර්මාණය කර ඇති මේ චිත්‍රපටය (Beiimaan (Love)) සනීගේ ජීවිතේ turning point එකක් වෙයිද? එහෙමත් නැත්නම් එක දිගට sex films වල රඟපාලා sex සිම්බල් එකක් විදියට කවුරුත් නම්කර ගෙන ඉන්න සනී මේවගේ චරිතයක් කරනවාට එයාගෙ රසිකයන් කැමැති වේවිද? ඒ විතරක්ද සමකාලීන නිළියෝ එයාගෙ ආගමනය මොන විදියට තේරුම් ගනියිද?
ප්‍රශ්න කෝටියයි. කොහොම වුණත් මිනිසුන්ට වෙනස් වීමේ අයිතිය තියෙනවා. සම්මතය බිඳ දාපු sunnyටත් ඒක එහෙමයි. ඉතිං වැරැද්ද එයාගෙ නෙවෙයි. වැරැදි හොයපු මිනිසුන්ගේ. මිනිස්සු sex film බලනකන් ඇය ඒ විදියට රඟපාවි. බලමුකො මේ අලුත් හින්දි film එකෙන් පස්සෙ situation එක කොහොමද කියලා. කොකේන් පාවිච්චි කරලා life එක විනාශයටම ගෙන ගියපු අහම්බෙන් හොලිවුඩයට ආ අයත් ලස්සනට ජීවිතය ගත කරනවා නම් සනීට බැරිවෙන එකකුත් නෑ වෙනස් වෙන්න.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p