තුර්කි හමුදා කුමන්ත්‍රණය පරදී

July 17, 2016

තුර්කි රජය පෙරළා දැමීම සඳහා හමුදා කණ්ඩායමක් විසින් 15දා රාත්‍රියේ සිට දැරූ උත්සාවයේදී පුද්ගලයන් 265 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට අගමැතිවරයා පවසයි.

මෙහිදී, තවත් 1,500කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවත්, හමුදා කුමන්ත්‍රණය මැඬ පවත්වමින් ඊට සම්බන්ධ වූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ඇතුළු සොල්දාදුවන් 3,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් අගමැතිවරයා පවසයි.

ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති සාමාන්‍ය වැසියන් හා පොලිස් නිලධාරීන් පිරිස 161ක් බවත්, කුමන්ත්‍රණකරුවන් 104 දෙනෙකු මරා දමා ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.


(2.00PM) තුර්කි රජය පෙරළා දැමීම සඳහා හමුදා කණ්ඩායමක් විසින් ඊයේ (15දා) රාත්‍රියේ සිට දැරූ උත්සාවයේදී පුද්ගලයන් 161 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 1,500කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ. මේ අතර නිල නොලත් වාර්තාවන්ට අනුව මිය ගිය පිරිස 250 ඉක්මවන බවද කියැවෙයි.

එමෙන්ම, හමුදා කුමන්ත්‍රණ ප්‍රයත්නය ව්‍යවර්ථ කරන ලද බව එරට වැඩබලන යුද හමුදාපති ජෙනරාල් උමිත් ඩන්දාර් රූපවාහිනය ඔස්සේ කතා කරමින් පවසා සිටි අතර, කුමන්ත්‍රණකරුවන් 104 දෙනෙකු මරා දමනලද බවද පැවසීයි.

මීට අමතරව, මෙම කුමන්ත්‍රණය අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්ව ඇති සෙසු පිරිස රට වෙනුවෙන් දිවි පිදූ පොලිස් නිලධාරීන් හා සාමාන්‍ය වැසියන් බවත් ජෙනරාල්වරයා පවසා සිටියේය.

ඔවුන් එරට ප්‍රධාන නගර හා රජයේ ආයතනවල බලය ඇල්ලීමට ගත් උත්සායේදී ජනතා නැගී සිටීම හමුවේ හමුදා කුමන්ත්‍රණය ව්‍යර්ථ වී ගියත්, මෙතරම් ජීවිත හානි ප්‍රමාණයක් සිදුවීම තුර්කි ප්‍රජාතන්ත්‍රවාදයට කළු පැල්ලමක් එක්කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

කෙසේ වෙතත්, මෙම හමුදා කුමන්ත්‍රණයට සහාය දැක්වූයේ යැයි කියන උසස් හමුදා නිලධාරීන් ඇතුළු සෙබලු 2,839 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇති බව තුර්කි අගමැති බිනාලි යිල්ඩ්‍රිම් පවසා සිටියේය.

රජය පෙරළීමට උත්සාහ කළ හමුදා කණ්ඩායම ඊයේ රාත්‍රියේ යුද ටැංකි සහ හෙලිකොප්ටර් යානා පවා අන්කාරා සහ ඉස්තාම්බුල් නගර වෙත යොදා ගනිමින් ප්‍රහාරය ආරම්භ කළ අතර, එම නගර මොහොතකින් යුද පිටියක් බවට පරිවර්තනය වී තිබුණු බව විදෙස් වාර්තා වැඩිදුටත් පවසා සිටියේය.


(10.25AM) තුර්කි හමුදා කණ්ඩායමක් ඊයේ (15දා) රාත්‍රීය තුළ ජනපති රිසෙප් තයීප් එර්ඩෝගන්ගේ රජයට එරෙහිව සිදුකිරීමට ගිය හමුදා කුමන්ත්‍රණය ජනතා නැගිටීම හමුවේ ව්‍යර්ථ වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඩොලර් බිලියන ගණනක වත්කම් සතු ආගමික ව්‍යාපාරයක ප්‍රධානියෙකු ලෙස සැලකෙන පූජක ෆෙතුල්ලාහ් ගූලෙන් මෙම හමුදා කුමන්ත්‍රණය පිටුපස සිටින බව තුර්කි ජනාධිපති රිසෙප් තයීප් එර්ඩෝගන් අවධාරණය කළේය.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් රටේ බලය ඇල්ලීමට පැමිණි හමුදා කණ්ඩායම් ඉදිරියේ ප්‍රබල උද්ගෝෂණ ව්‍යාපාරයක නිරත වූ ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

එහිදී, හමුදාව තවදුරටත් ඉදිරියට යෑම වැළැක්වීමට ජනතාව ගත් උත්සාහයේදී හමුදා වෙඩි තැබීම් හමුවේ පොලීස් නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 60කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

එහිදී, තුර්කි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලටද මෙම හමුදා කණ්ඩායම විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබුණු බව විදෙස් වාර්තා පැවසීය.


(9.16AM) තුර්කියේ බලය සියතට ගත් බව එරට හමුදා කණ්ඩායමක් පැවසීමත් සමග තත්ත්වය පාලනය කිරීම සඳහා තුර්කි ජනාධිපති රිසෙප් තයීප් එර්ඩෝගන් ඉස්තාම්බුල් වෙත පැමිණ තිබේ.

එහිදී, තම ආධාරකරුවන් මැදිකරගත් ජනාධිපතිවරයා රූපවාහිනිය ඔස්සේ සජීවීව පවසා සිටියේ මෙම කුමන්ත්‍රණ උත්සාහය රාජද්‍රෝහී ක්‍රියාවක් බවයි.

එරට අභිචෝදකයන් ප්‍රකාශ කරන ආකාරයට මෙම කුමන්ත්‍රණ සිද්ධිය හේතුවෙන් තුර්කියේ අන්කාරා නුවර ඊයේ රාත්‍රී සිදුවූ ගැටුම්වලින් පුද්ගලයන් 42 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔවුන්ගෙන් වැඩිදෙනා සිවිල් වැසියන් බව කියයි.

මේ අතර, අගමැති බිනාලි යිල්ඩිරිම් පවසා සිටියේ මේ වනවිට තත්ත්වය බොහෝ සෙයින් පාලනය කර ඇති අතර, පුද්ගලයන් 130 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

– See more at: http://www.ada.lk/article/172398/%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F-%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%B4%E0%B6%BB%E0%B6%AF%E0%B7%93—265%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B1%E0%B7%83%E0%B7%93-1500%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%92#sthash.sAjBQX8G.dpuf

Sammy

Previous story Next story

Leave a comment

t

o

p