පාකිස්තාන කිම් කාඩෑෂියන් මරු දකී

July 17, 2016

පාකිස්තාන කිම් කාඩෑෂියන් යන විරුධාවලිය ලැබූ එරට අන්තර්ජාල තරුවක් බවට පත්ව සිටි කැන්ඩීල් බලේෂ් සිය සහෝදරයා විසින් ගෙල සිරකර මරා දමා ඇති බව විදෙස් වාර්තා පවසයි.

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රදේශයේදී සිදුව ඇති මෙම ඝාතනය බලේෂ් පවුලේ නම්බුව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සිදුකළ ගෞරවනීය ඝාතනයක් ලෙසද අර්ථ දක්වා ඇති බව විදෙස් වාර්තා පවසයි.

මීට සතියකට පෙර බී.බී.සී.ය වෙත අදහස් දක්වා තිබූ ඇය පවසා තිබුණේ, මෑතකදී තමන් එරට ප්‍රකට ආගමික පඬිවරයෙකු වූ මුෆ්ටි අබ්දුල් ක්වායි සමග සිටින සෙල්ෆී ඡායාරූපයක් අන්තර්ජාලයට මුසු කිරීමත් සමග තමාට පාකිස්තානය තුළ ජීවත් වීම අනාරක්ෂිත වී ඇති බවයි.

ඒ අනුව, ඇය ගෙල සිරකර මරා දමා තිබියදී ඇගේ සිරුර සොයාගත් බව පොලීසිය පවසයි. මේ ආකාරයෙන් පවුලේ ගෞරවය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මිනී මැරීම පාකිස්තානය තුළ සුලභව තත්ත්වයක්ද ගෙන තිබේ.

ඇයගේ දෙමවුපියන් පවසන්නේ, බලේෂ් හා ඇගේ සොහොයුරා සමග සිකුරාදා රාත්‍රියේ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවූ බවයි.

එමෙන්ම, තම දියණියගේ සිරුර සෙනසුරාදා උදෑසන වනතෙක් සොයාගැනීමට නොහැකි වූ බවත් ඔවුන් පවසා තිබේ. කෙසේ වෙතත්, මෙම ඝාතනය ඇගේ දෙමවුපියන්වද අත්අඩංගුවට ගෙන ඇති බව කියැවෙයි.

එහිදී, අය කරච්චි නුවර සිට පන්ජාබ් හි පිහිටි සිය දෙමවුපියන්ගේ නිවසට ගොස් ඇත්තේද ඇගේ ජීවිතයට එල්ල වී තිබූ මරණ තර්ජන නිසා බවද පොලීසිය කියයි.

ඇගේ සහෝදරයා ඇගේ නිරූපණ දිවිය සම්බන්ධයෙන් දැඩි විරෝධයක සිට ඇති අතර, නිරන්තරයෙන් ඒ සම්බන්ධයෙන් ඇයට චෝදනා කර ඇති බවද ඥාතීන් පවසා තිබේ.

මෙම සැකකරු ප්‍රහාරයෙන් පසුව පළා යමින් සිටියත්, ඔහු මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව පොලීසිය පවසයි. වසීම් බලේෂ් නමැති මොහු, මෙම ඝාතනය පිළිගෙන ඇති අතර, බලේෂ් නාමය කෙලෙසීමට එරෙහිව එය සිදුකළ බවද පාපොච්චාරණය කර තිබේ.

(2016.07.07) පාකිස්තාන කිම් කාඩෑෂියන්ට රට හැර යාමට සිදුවන හැඩයි

පාකිස්තාන කිම් කාඩෑෂියන් යන විරුධාවලිය ලැබූ එරට අන්තර්ජාල තරුවක් බවට පත්ව සිටින කැන්ඩීල් බලේෂ් ආරක්ෂක හේතූන් මත රට හැර යෑමට සූදානමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.

කාන්තාවන් බාහිර සමාජයෙන් බොහෝ සේ වසන්ව සිටිය යුතු මෙන්ම, වැඩිදෙනෙකුට තමන් විවාහ වන්නේ කා සමගද යන්න නිදහසේ තෝරාගැනීමට අස්ථාවක් නැති සමාජ වටපිටාවක 25 වැනි වියෙහි පසුවන නිරූපිකාවක් වන ඇය එරට තුළ වඩාත් කතාබහට ලක්වූයේ අතිශය අනුරාගී සෙල්ෆී ඡායාරූප හා වීඩියෝ දසුන් සමාජජාල හා අන්තර්ජාලය තුළ නිතර ප්‍රසිද්ධ කරන්නියක ලෙසිනි.

කෙසේ වෙතත්, මෑතකදී ඇය එරට ප්‍රකට ආගමික පඬිවරයෙකු වූ මුෆ්ටි අබ්දුල් ක්වායි සමග සිටින සෙල්ෆී ඡායාරූපයක් අන්තර්ජාලයට මුසු කිරීමත් සමග එරට ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් අබ්දුල් ක්වායිගේ රුඑට්-ඊ-හිලාල් කමිටු සාමාජිකත්වයද අත්හිටුවීය. එම කමිටුව එරට තුළ නව සඳ බැලීම ප්‍රකාශයට පත්කරන විශේෂ ආගමික කමිටුවක් ලෙස සැලකෙයි.

මේ තත්ත්වය තුළ කැන්ඩීල් බලේෂ්ටද එරට තුළ පැවති තර්ජන බලවත් වී ඇති බවත්, මෙය තමාගේ ආරක්ෂාව පිළිබඳ ඉක්මණින් පියවරක් ගත යුතු අවස්ථාවක් බවත් ඇය මාධ්‍යයට පවසා තිබේ.

“මා දන්නා තරමින් මට ආරක්ෂාවක් නොලැබෙන බව පැහැදිලියි. ඒ වගේම මට ආරක්ෂාකාරී හැඟීමක් ඇතිවන්නේත් නෑ. ඒ නිසා ඊද් උත්සවයෙන් පසුව මගේ දෙමවුපියන් සමග රට හැර යෑමට මා තීරණය කළා” යැය ඇය මාධ්‍යයට පවසා ඇත.

කැන්ඩීල් බලේෂ් ඉන්දීය ක්‍රිකට් තරුවක් වන විරාත් කෝලි පිළිබඳ බොහෝ උනන්දුවක් දක්වන්නියක් වන අතර, කෝලි පිළිබඳව වූ ඇගේ හැඟීම් ප්‍රකාශ කරන මාධ්‍යයක් ලෙසද ඇය අන්තර්ජාලය යොදාගන්නා බව ප්‍රකටය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p