ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලයි

July 17, 2016

ආයුර්වේද මද්‍යස්ථානයක් ලෙසින් ගල්කිස්ස ප්‍රදේශයේ කලක සිට පවත්වාගෙන යනු ලැබූ ගණිකා නිවාසයක් වැටලීමට ගල්කිස්ස පොලීසිය 15 දා සමත්ව ඇත. වැටලීම මඟින් ගණිකා නිවාසයේ කළමනාකාරිණිය ලෙස හැඳින්වෙන සැකකාරියක් හා තවත් සැකකාරියන් 12 ක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 27-55යන වයස් සීමාවන්හි පසුවන පයාගල, අම්බලන්ගොඩ, බණ්ඩාරවෙල, මාලඹේ, දඹුල්ල යන ප්‍රදේශ වල පදිංචිකාරියන් පිරිසක් බව පැවසේ.

මෙම සැකකාරියන් 16 දා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p