කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ජංගම දුරකථනයෙන්

July 16, 2016

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව දිවයින පුරා ජංගම දුරකථනය හරහා ගනුදෙනු සිදු කිරීමේ නවතම යෙදුම සම්බන්ධයෙන් ආයෝජකයින් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමට සියලු කටුයුතු සූදානම් කර තිබේ.

සම්පූර්ණයෙන්ම නොමිලයේ පැවැත්වෙන මෙම අධ්‍යාපනික වැඩසටහන් මාලාවන් තුළින් අපේක්ෂා කරනුයේ වඩාත් කාර්යක්ෂමව ගනුදෙනු සිදුකිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමත් එමඟින් උපරිම ප්‍රතිලාභ අත්පත් කරගැනීමේ මාර්ගය හඳුන්වා දීමත් වේ.

Smart දුරකථන ඉතාම ජනප්‍රිය වන ලෝකය තුළදී තාක්ෂණය සමඟ නිරත්තර සබඳතා පවත්වන ආයෝජකයින් ඉතාම පහසුවෙන් තම ආයෝජන කටයුතු කිරීම සඳහා Smart දුරකථන යෙදුම් භාවිත කරනු ලබයි. මෙම අනගි අවස්ථාව කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි ලැයිස්තුගත කොටස් වල ආයෝජනය කරනු ලබන ආයෝජකයින්ටද ලබාදෙමින් තාක්ෂණික උපාංග නිමවුම් කරන ආයතනයක් හරහා නිර්මාණය කරනු ලබන මෙම උපාංගය තම තැරැව්කරුවන් හරහා ආයෝජකයින්ට දැන් ලබාගැනීමේ අවකාශය පවතී.

මේ පිළිබඳව අදහස් පළකරමින් කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි, වෙළෙඳපොළ සංවර්ධන අංශයෙහි ප්‍රධානී නිරෝෂන් විජේසුන්දර මහතා ප්‍රකාශ කර සිටියේ, වර්තමාන පුද්ගලයා භාණ්ඩ මිලදී ගැනීමේ සිට තම ප්‍රවාහන පහසුකම් සපයාගැනීම දක්වා සියලු මෙහෙයුම් තම ජංගම දුරකථනය හරහා සිදුකරන කාලයකදී වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව ජංගම දුරකථන යෙදුම් හරහා ගනුදෙනු සිදුකිරීමට පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය කාරණයක් බවත්, ඒ පිළිබඳව නිවැරදිව අවබෝධය ලබාගෙන ඉන් උපරිම ප්‍රතිලාභ අත්පත් කරගත හැකි බවට තමන් විශ්වාස කරන බවත්ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p