යුරෝ 2016 පාපන්දු අවසන් තරඟයට දැඩි රැකවල්

July 16, 2016

යුරෝ 2016 පාපන්දු අවසන් තරඟය සඳහා දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමට එරට පොලිසිය පියවරගෙන තිබේ. අවසන් මහ තරඟය  ප්‍රංශයේ අයිෆල් කුළුණ ආසන්නේ පිහිටි ස්ටැඩ් ද ෆ්‍රාන්ස් ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙවර යුරෝ 2016 පාපන්දු තරගාවලියේ අවසන් මහ තරඟය ප්‍රංශය සහ පෘතුගාලය අතර පැවැත්වෙයි.

අද පැවැත්වෙන අවසන් තරඟය සඳහා  ප්‍රංශ පොලිස් නිළධාරින් 5000කට වැඩි පිරිස් යොදවා ඇත.

තරඟයෙන් ප්‍රංශය ජයග්‍රහණය කළ හොත් ආරක්ෂක හේතුන් මත පෙළපාළියාමෙන් වළකින ලෙස ද  ප්‍රංශ ආරක්ෂ අංශ අනතුරු අඟවා ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p