කිරි ඉබ්බාන් විකිණුවාට 80000ක් දඩ

June 6, 2016

කිරි ඉබ්බකු රුපියල් 8000 සිට 10000 දක්වා මිලට නොරොච්චෝලයේ චීන අවන්හල් වලට හා චීන ජාතකයනට විකිණූ දෙදෙනෙකුට ආණමඩුව මහේස්ත්‍රාත් ජානකී එෆ්. විජේතුංග මෙනවිය රුපියල් 80000 ක දඩ නියම කළාය. පන පිටින් සිටි කිරි ඉබ්බා වන ජීවියට බාර දෙන ලෙසත් මැරී සිටි ඉබ්බා විනාශ කිරීමටත් මහේස්ත්‍රාත්වරිය ආණමඩුව පොලිසියට නියම කළාය. ආණමඩුව මැරුංගොඩ ප්‍රේමතිලක හා අශින්ත චතුරංග දඩ නියම වූ දෙදෙනාය.

දැඩි ආරක්ෂක සතෙකු ලෙස කිරි ඉබ්බා මැරීම සපුරා තහනම්ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p