ලක්ෂ 6ක දැව සමග 1ක් මාට්ටු

June 6, 2016

රඹුක්කන ප්‍රදේශයේ රක්ෂිතවලින් කපන ලද දැව තොගයක් සමග පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රඹුක්කන පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

එහිදී රක්ෂිත ප්‍රදේශවලින් කපන ලද තේක්ක, කොස්, මහෝගනී දැව කඳන් තොගයක්  සොයාගෙන තිබේ.

එම දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 6ක් පමණ වන බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p