රජයේ තීරණවලට කිසිවකුටත් අභියෝග කළ නොහැකියි

June 6, 2016

රට පුරා සිදුව ඇති පරිසර විනාශය හමුවේ පරිසර සංරක්ෂණය පිළිබඳ රජය ගන්නා තීන්දු තීරණවලට කිසිවකුට අභියෝග කළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

නීති විරෝධී ජාවාරම් සිදුකරමින් පරිසර විනාශයන් සිදුකරන්නේ නම් ඒවා වැළැක්වීමට ක්‍රියාමාර්ග ගැනීම සියලු මැති ඇමතිවරුන්ගේ මෙන්ම රාජ්‍ය නිලධාරීන්ගේ ද වගකීමක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ඒ වෙනුවෙන් කැපවෙන සියලු දෙනා වෙනුවෙන් පරිසර අමාත්‍යවරයා ලෙස මෙන්ම රටේ ජනාධිපතිවරයා ලෙස තමා සෘජුව පෙනී සිටින බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.

අදට යෙදි ඇති ලෝක පරිසර දිනය නිමිත්තෙන් මාතලේ එඩ්වඩ් ක්‍රීඩාංගණයේ පැවති සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පඵ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා සඳහන් කළේ පසුගිය දශක දෙක පුරා රට තුළසිදුවූ පරිසර විනාශය පිළිබඳ වගකීම දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන්ගෙන් කොටසක් භාරගත යුතු බවයි.

ඒවා වළක්වා ගැනීමට නීතිය බලය මෙන්ම වගකීම තිබියදී එසේ නොකිරීමේ ප්‍රතිවිපාක අද රටටම විඳීමට සිදුව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

පරිසර සංරක්ෂණයට ප්‍රථම වරට ත්‍රිවිධ හමුදා යොදාගැනීමට කටයුතු කර ඇති බවත්,ඒ අනුව ගුවන් හමුදාවට උඩින් ගොස් කැලෑ කපන අය සොයා බැලීමටත්,නාවික හමුදාවට මුහුදු මාර්ගයෙන් දැව ජාවාරම්කරුවන් ගැන සෝදිසි කිරීමටත්,යුද හමුදාවට හා පොලීසියට වැටලීම් කිරීමටත් උපදෙස් දී ඇති බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p