සුව ඇමති බොරු කරමින් ඖෂධ මාෆියාවට ඉඩ දෙනවා

June 6, 2016

දැනට ලංකාවේ ක‍්‍රියාත්මක වන ඖෂධ මාෆියාව පාලනය කිරීමට නම් සේනක බිබිලේ ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කළ යුතු බවත්, වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයා ජනතාවට බොරු කරමින් ඖෂධ මාෆියාව සඳහා ඉඩ ලබාදෙමින් සිටින බව වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පවසයි.

අද (05) මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය මගින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසූවේ ඇමතිවරයාගේ මෙම ක‍්‍රියාකලාපය හේතුවෙන් ඖෂධ අධිකාරියේ කීර්තිමත් වෛද්‍ය අධ්‍යක්‍ෂකවරුන් මේ හේතුවෙන් ඉල්ලා අස්වෙමින් සිටින බවයි.

එමෙන්ම ඖෂධ පනත සම්මත කර වසරක් ඉක්ම ගිය නමුදු මහජනතාවට දැනෙන පරිදි කිසිදු ජනහිතකාමී පියවරක් ක‍්‍රියාවට නගා නැති බවත් මෙහිදී ජයන්ත බණ්ඩාර මහතා පැවසීය.

මෙම පනත ගෙනෙන විට 50% කින් ඖෂධ මිල අඩුවෙනවා යැයි ඇමතිවරයා පැවසූ නමුත් අද වන විට එය 50% කින් පමණ වැඩි වී ඇති බවද මෙහිදී ඔහු අවධාරණය කළේය.

ඇමතිවරයාගේ මෙම ක‍්‍රියාකලාපය වහා නැවැත්විය යුතු බවත්, ඇමතිවරයාගේ මේ බොරුවට එරෙහිව අධිකරණයට කරුණු දක්වන බවද, මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවද මෙහිදී වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p