පැල්මයිරාව ආසන්නයේ ඓතිහාසික මාළිගයක් සිරියානු හමුදා අතට..

March 28, 2016

සිරියාවේ පිහිටා ඇති යුනෙස්කෝ ලෝක උරුමයක් වන පැල්මයිරා නගරයට මුහුණලා පිහිටා ඇති කඳුවැටියක පිහිටා ඇති මධ්‍යකාලීන යුගයට අයත් රජ මාලිගයක් ISIS පාලනය වෙතින් යළි අත්පත් කරගැනීමට සිරියානු හමුදාවන් සමත්ව ඇත.

ෆක්ර් අල් ඩින් අල් මානි හෙවත් පැල්මයිරා මාළිගය ලෙස හැඳින්වෙන මෙය පැල්මයිරාවට ඔබ්බෙන් පිහිටා ඇති අවසන් උපායමාර්ගික මධ්‍යස්ථානය ලෙස සැලකේ.

සිරියානු හමුදාව මෙතෙක් නිල වශයෙන් පැල්මයිරා මාළිගය අත්පත් කරගත් බව නිවේදනය කර නොමැති වුවත් ත‍්‍රස්තවාදී ආරක්‍ෂක වළලූ බිඳ දැමීමට මේ වන විටත් සමත්ව ඇති බව සිරියානු ආරංචි මාර්ග පවසා ඇත.

සිරියානු හමුදාව පවසා ඇත්තේ ඓතිහාසික පැල්මයිරා නගරය මුදාගැනීම සඳහා සියලූ දිශාවන්ගෙන් මෙහෙයුම් ක‍්‍රියාත්මකව ඇති බවයි.

මින් පෙර මාළිගය අසලට පිහිටා ඇති සිරියාටෙල් කන්ද මුළුමනින්ම සිය අණසකට නතු කරගැනීමට සිිරියානු හමුදාව සමත්වූ අතර ත‍්‍රස්තවාදීන් අතුරා තිබූ බිම් බෝම්බද මේ වන විට නිෂ්ක‍්‍රිය කර තිබේ.

මෙම ගැටුම් වලින් ත‍්‍රස්තවාදීන් විශාල ප‍්‍රමාණයක් මියගොස් ඇතැයිද වාර්තා වේ.

13වන සියවසේ ඉදිකර ඇති පැල්මයිරා මාළිගයද පැල්මයිරා පුරාණ නගරය මෙන්ම යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කරන ලද්දකි.

රුසියානු ගුවන් හමුදාවේද සහය ඇතිව සිදුකරන පැල්මයිරාව මුදාගැනීමේ මෙහෙයුම ළගදීම අවසන් කළ හැකිවනු ඇතැයි රුසියාවද විශ්වාසය පළ කර ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p