අසාද්ගේ අනාගතය ගැන සාකච්ඡ නොකිරීමට ඇමරිකාව, රුසියාව එකග වේ

March 28, 2016

ඇමරිකාව හා රුසියාව අතර පැවැත්වෙන සාකච්ඡවලදී සිරියානු ජනාධිපති බෂාර් අසාද්ගේ අනාගතය සම්බන්ධ ගැටළුව පිළිබඳ සාකච්ඡ නොකිරීමට දෙරට අතර අවබෝධයකට පැමිණ ඇත.

රුසියානු නියෝජ්‍ය විදේශ අමාත්‍ය සර්ගෙයි රිබාකොව් පවසා ඇත්තේ මේ අවස්ථාවේදී අසාද්ගේ අනාගතය ගැන සාකච්ඡ කිරීම අවශ්‍ය නොවන බවට වන මූලික අදහස ඇමරිකාව හා රුසියාව දෙපාර්ශ්වය විසින් දරන බවයි.

රුසියාවේ සංචාරයක නිරතව සිටින ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී හා රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් අතර පැවැත්වෙන සාකච්ඡවල ප‍්‍රතිඵලය කුමක් වනු ඇතිදැයි නැගුණු පැණයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පවසා තිබේ.

සිරියාවේ සටන් විරාමය පවත්වාගෙන යාම සඳහා රුසියාව විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පවසා ඇත්තේ දෙරට අතර සාකච්ඡවල ප‍්‍රතිඵලයක් ලෙස දුර්වල නමුත් ප‍්‍රතිඵලදායක වන ප‍්‍රචණ්ඩත්වයේ අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

එදිරිවාදිකම් අත්හැරීමේ ක‍්‍රියාපිළිවෙත වර්ධනය කිරීම සඳහා රුසියාව හා ඇමරිකාව අන්‍යොන්‍ය අවබෝධයකින් ක‍්‍රියා කරන බව රිබාකොව් පවසා තිබේ.

මේ අතර සිරියාවෙන් රුසියානු හමුදා මුළුමනින්ම ඉවත් කරගැනීමක් මෑත කාලයේ සිදුවීමට ඉඩක් නොමැති බවද ඔහු පවසා ඇත.

නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ සිරියාවේ ත‍්‍රස්ත නාශක මෙහෙයුම් රුසියාව විසින් නොනවත්වන බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p