ගෝඨාභය අදත් ඇවිත්!

March 3, 2016

රක්නා ලංකා සමාගමේ සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන්  බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම සිදුකරන විමර්ශනයට අදාළ සාක්ෂි විමසීමේ කටයුතු අද දිනයේත් සිදුකෙරෙයි.

ඒ අනුව වත්මන් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේ කොමිසම වෙත කැඳවා ඇති බව සඳහන්ය.

විමර්ශනයට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද දිනයේ කොමිසම හමුවට පැමිණි බව එහි ප්‍රකාශකයෙකු පැවසු‍ෙව්ය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විමර්ශනයේ නොතීසි ලත් පාර්ශවය නියෝජනය කරමින් අද දිනයේ කොමිසම හමුවට කැඳවා තිබූ බව වාර්තා ‍විය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p