ඉරානය S-300න් බලගැන්වේ..

February 13, 2016

මේ වසරේ පළමු කාර්තුව තුළදී රුසියානු නිෂ්පාදිත S-300 මිසයිල ආරක්‍ෂණ පද්ධතිවල පළමු කොටස ඉරානය වෙත ළගාවීමට නියමිත බව ඉරාන ආරක්‍ෂක ඇමති බි‍්‍රගේඩියර් ජෙනරාල් හොසේන් ඩෙඛාන් පවසයි.

ඔහු පවසා ඇත්තේ රුසියාව විසින් ලබාදීමට නියමිත ගුවන් ආරක්‍ෂණ මිසයිල කොටස් දෙකකින් ඉරානයට ලැබෙනු ඇති බවයි.

ඉන් පළමු තොගය මේ වසරේ පළමු කාර්තුව තුළත් දෙවැන්න 2017 වසරේ මුල් භාගයේදීත් හිමිවනු ඇති බව ඩෙඛාන් පවසා තිබේ.

ඉරානය වෙත හිමිවන්නේ වඩා දියුණු කරන ලද S-300 මිසයිල පද්ධතියක් බවද ඔහු සඳහන් කර ඇත.

රුසියාව විසින් ඉරානය වෙත ලබාදිය යුතුව පැවති S-300 පද්ධති සැපයීඹ සඳහා දෙරට අතර එකගතාවයක් අත්සන් කරන ලද බව පසුගිය වසරේ නොවැම්බර් මසදී රුසියානු රාජ්‍ය රොස්ටෙක් සමාගමේ ප‍්‍රධාන විධායක සර්ජි චෙමෙසොව් පවසන ලදී.

ඉන් පසුව නිවේදනයක් නිකුත් කළ ඉරාන ආරක්‍ෂක ඇමතිවරයා පැවසුවේ ඉරානයට අවශ්‍ය ගුවන් ආරක්‍ෂණ පද්ධති ප‍්‍රමාණය මේ වන විටත් ඇණවුම් කර ඇති අතර ඉරාන නිලධාරීන් රුසියාවේ පුහුණුවෙමින් සිටින බවයි.

ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙලට එරෙහිව පැණවූ එක්සත් ජාතීන්ගේ සම්බාධක සමග ඉරානවය අවි පද්ධති සැපයීම රුසියාව විසින් අත්හිටවූ අතර ඒ පිළිබඳව ඉරානය ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණයේ නඩුවක්ද පවරා තිබිණි.

මේ අතර ඉරාන නිෂ්පාදිත එමාඞ් දිගු දුර මිසයිලයද වඩාත් දියුණු කරමින් සිටින බවද හොසේන් ඩෙඛාන් පවසා ඇතැයි වාර්තා වේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p