මට මරණ තර්ජන

February 11, 2016

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ වෙනම කණ්‌ඩායමක්‌ ලෙස පිළිගන්නේ නැත්නම් මාව මරනවා කියලා ඊයේ (09 දා) රෑ මට මරණීය තර්ජන ආවා…. යෑයි කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවේදී කීවේය. විපක්‍ෂයේ එජනිස මන්ත්‍රීවරුන් තමන් වෙනම කණ්‌ඩායමක්‌ ලෙස පිළිගන්නා ලෙසට පෙරේදා සභාවේ කළ ඉල්ලීම ඊයේ ද ඉදිරිපත් කළ අවස්‌ථාවේදී කථානායකවරයා එසේ කීවේය.

ඔබතුමාලා වෙනම කණ්‌ඩායමක්‌ ලෙස පිළිගැනීම සඳහා ශ්‍රීලනිපයේ ස්‌ථාවරය මට අවශ්‍යයි. මට මරණීය තර්ජන ආවා. මේක කළේ නැතිනම් මරනවා කිව්වා. මට ඊයේ ඕනෑ තරම් අපහාස කළා. මට අපහාස කළාට කමක්‌ නෑ. ඒත් පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට තර්ජනය කරන්න එපා. ඔවුන් කරන්නේ රාජකාරිය. ඔබතුමන්ලා ශ්‍රීලපනිපය තුළ ඉන්නවාද නැද්ද කියා අපව දැනුවත් කරන්න. නැතිව මෙහි ඇවිත් බාධා කරන්න එපා යෑයි ද කථානායකවරයා කීවේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p