විහාර දේවාලගම් පනතින් බෞද්ධ අයිතිවාසිකම් උල්ලංඝනයේ..

February 9, 2016

පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති විහාර සහ දේවාලගම් පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති හරහා බෞද්ධයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවත්, එය පාර්ලිමේන්තුවේ අති විශේෂ බහුතරයකින් සම්මත කරන ලෙසත් ඉල්ලමින් පදුල්ල, මඩුවන්තලාව විමලජෝති හිමියන් ඇතුළු සිවු දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

යෝජිත පනත අනුව දළදා මාලිගාවේ දියවඩන නිළමේවරයා තෝරා ගැනීමට ඡුන්දයේදී මහනුවර පළාතේ බාරකරුවන්ට, එහි දිසා ලේකම්වරුන්ට, පළාතේ බස්නායක නිළමේවරුන්ට පමණක් සහභාගි විය හැකි ලෙස සීමා කිරීම නිසා සියම් අමරපුර හා රාමඤ්ඤ නිකායවල භික්ෂූන්ට ඊට සහභාගි වීමට ඉඩ ඇහිරෙන්නේ යයි පෙත්සමේ සදහන්ය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p