රුසියාව සමග සටනකට සූදානම් වීම සඳහා බි‍්‍රතාන්‍ය සෙබළුන් 1600ක් ජෝර්දානයට..

February 9, 2016

රුසියාව හා නැගෙනහිර යුරෝපයේ නේටෝ සාමාජික රාජ්‍යයන් අතර ඇතිවිය හැකි යුද්ධයකට සූදානම් වීම සඳහා ජෝර්දානයේ පැවැත්වෙන යුධ අභ්‍යාසයකට බි‍්‍රතාන්‍ය හමුදා සෙබළුන් 1600ක් සහභාගී වන බව වාර්තා වේ.

මෙම අභ්‍යාසය තුළදී ඉරාකය ආක‍්‍රමණය කිරීමක් රග දැක්වෙනු ඇති අතර ඉරාකය ආක‍්‍රමණය කිරීම යුධ අභ්‍යාසයකට විෂය වන්නේ දශකයකට පමණ පසුව වීම විශේෂත්වයකි.

බි‍්‍රතාන්‍ය හමුදා ආරංචි මාර්ග පවසා ඇත්තේ ෂමාල් ස්ටෝම් අභ්‍යාසය ISIS ත‍්‍රස්තවාදීන් මර්දනය කිරීම සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීම අරමුණු කරගත්තක් නොවන බවයි.

යුක්රේනයේදී රුසියාව සමග ඇතිවන ගැටුමකදී ඇමරිකානු හමුදාවන් හා එක්වීම බි‍්‍රතාන්‍ය හමුදාවන් විසින් මෙහිදී අභ්‍යාස කරනු ඇති බව පැවසේ.

ආරක්‍ෂක වියදම් කප්පාදු කෙරුණද ලොව  ඕනෑම යුද්ධයකදී 30000ක පමණ හමුදාවක් අනුයුක්ත කිරීමට බි‍්‍රතාන්‍යයට හැකියාව ඇතැයි පෙන්වීම මෙම අභ්‍යාසයේ තවත් අරමුණක් බව වාර්තා වේ.

ජනවාරි මසදී මිලිටරි රථ 80ක් පමණ ජෝර්දානයේ අඛාබා වරායට යැවුණු අතර එරට නිරිතදිග කාන්තාර ප‍්‍රදේශයේ සිදුකෙරෙන අභ්‍යාසය සඳහා මිලිටරි රථ 300ක් පමණ සහභාගී වනු ඇත.

රටකට ගොඩබැස එහි ආරක්‍ෂිත ක්‍ෂේත‍්‍ර රෝහලක් පිහිටුවීම මෙන්ම රසායනික අවි හා ජෛව අවි සෙවීම හා ආරක්‍ෂාකාරී ලෙස නිෂ්ක‍්‍රීය කිරීම ආදිය ෂමාල් ස්ටෝම් තුළදී අත්හදා බැලෙනු ඇත.

පසුගිය කාලය තුළ සිය දේශසීමා ආසන්නයේ නේටෝ බලය වර්ධනය වීම මෙන්ම යුධ අභ්‍යාස පැවැත්වීමද රුසියාව විසින් හෙළා දැක තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p