ලෙඩට බියවී කාන්තාවක් ගිනි තියාගනියි

February 2, 2016

මාළිගාවත්ත, මැද කොළඹ රෝහලේ වැසිකිළියක් තුළ දී කාන්තාවක සිරුරට ගිනි තබාගනිමින් සියදිවි හානිකරගෙන තිබේ.

රෝහලේ වෛද්‍ය සායනයකට පැමිණි කාන්තාවක මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මියගොස් ඇත්තේ 67 හැවිරිදි ග්රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකි.

අදාළ කාන්තාවට තිබු අධික රුධිර පීඩනය සහ දියවැඩියාව රෝගී තත්ත්වය හේතුවෙන් ඇය මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාළිගාවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p