ශිතාගාර ඉදි කිරීමට බිලියන දෙකක්

January 31, 2016

එලවළු ගොවියන්ගේ අතිරික්ත නිෂ්පාදන කල් තබා ගැනීම හා එලවළු ,අල,පළතුරු මිල ස්ථාවරව පවත්වා ගැනීමත් අරමුණු ඇතිව ශිතාගාර පහක් ඉදිකිරීම සදහා රුපියල් මිලියන 2,000 ක් මෙවර අය වැයෙන් වෙන්කර ඇතිබව ග්‍රාමිය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.
පසුගියදා ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙසේ පැවසීය .

දැනට සැලසුම් කර ඇති පරිදි වවුනියාව, දඹුල්ල, කැප්පෙටිපොල, තඹුත්තේගම හා නුවරඑළිය යන නගරවල මෙම ශිතාගාර ඉදිකිරීමට යෝජනා කර ඇත.ඉදිරි දින කිහිපය තුල ඒ සදහා අවශ්‍ය ස්ථාන පිළිබදව ශක්‍යතා වාර්ථාවක් සකස් කිරීමට නියමිතය.

සියළු ශිතාගාර මෙම වසර අවසන් වීමට පෙර ඉදිකර අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර නඩත්තු කටයුතු හා කළමණාකාරීත්වය පෞද්ගලික අංශය සමග ඒකාබද්ධව සිදු කිරීමට සැලසුම් කර ඇත.

– news.lk

Sammy

Previous story Next story

Leave a comment

t

o

p