මනාප ගැන හිතන්න එපා!

January 22, 2016

පොදු ජනතාවගේ ගැටළු විසඳන විට මනාප ගැන නොසිතා ජාතික අරමුණු වෙනුවෙන් කැපවීම දේශපාලඥයින්ගේ වගකීම බව  ජානාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් නිසිකලට ඉටු කිරීමට කැපවන ලෙස ජනාධිපතිවරයා මැති ඇමතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

පුත්තලම, සාලියවැව, ආදර්ශ මහා විද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යෘගාරය සිසු අයිතියට පවරාදීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

මනාප අහිමිවනු ඇතැයි බියෙන් ජනතා යහපත වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ කල්නොදැමිය යුතු බව පැවසූ ජනාධිපතිවරයා සංවර්ධනයේදී නිවැරදි තීන්දු තීරණ ගැනීමට බිය නොවිය යුතු බව ද කියා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p