සීමා කැඩූ තවත් 55ක් නිදහස්

January 15, 2016

මෙරට අත්අඩංගුවේ පසුවූණු ඉන්දිය ධීවරයින් 55දෙනෙකු මුදාහැර ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව එම ධිවරයින් පිරිස ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලට භාරදී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් තමිල්නාඩු ධිවරයින් 104 දෙනෙකු රැඳවුම් භාරයේ තබා ඇති අතර ඉදිරි දින කිහිපය තුළ සෙසු ධිවරයින් පිරිසද මුදාහරිනු ඇති බවට වාර්තා වී ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබේ.

මුදාහැරි ධිවරයින් කඩිනමින් ගෙන්වා ගැනිම සදහා තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරිය උපදෙස් ලබා දී ඇති බවද සඳහන්ය.

මේ අතර මෙරට දකුණු මුහුදේ නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වුණු ශ්‍රී ලාංකික ධිවරයින් තිදෙනෙකු නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඩයිනමයිට් යොදා ධීවර කටයුතුවල නිරත වුණු අදාළ ධීවරයින් පිරිස පිළිබඳ විමර්ශන කටයුතු කිරීමට ගාල්ල ධීවර කාර්යාලයට භාරදී ඇති බව වාර්තා වෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p