ධීවර ඇමතිගේ ගැටලු සාකච්ඡාව ගුටිකෙළියකින් නිමවෙයි

January 14, 2016

හලාවත ධීවරයින් මුහුණ දී සිටින ගැටලු විසඳීම සඳහා ධීවර අමාත්‍ය මහින්ද අමරවීම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) දහවල් හලාවතදී පැවැති සාකච්ඡාව අතරතුරදී ගුටිබැට හුවමාරුවක් සිදුවී ඇති බව වාර්තා වේ.

මෙම ධීවර සාකච්ඡාව පැවතී ඇත්තේ හලාවත පොදු මාළු වෙළඳසැල් භූමියේ පිහිටි ගොඩනැගිල්ලක වන අතර ඇමතිවරයා හා ධීවරයින් අතර හලාවත ධීවර වරාය ඉදිකිරීම, පොදු මාළු වෙළද පල ඉදිකිරීම,හලාවත මෝය අසල ගල් වැටියක් ස්ථාපනය කිරීම ආදී කරුණු සාකච්ඡා වී තිබේ.

එහිදී ධීවරයින් මසුන් මැරීමට භාවිතා කරන තහනම් පන්න ක්‍රමයක් ගැන ධීවරයින් දෙදෙනෙකු අතර ඇති වූ කථා බහ දුරදිග ගොස් ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වී තිබේ. ගුටිබැට හුවමාරුව සිදුවන අවස්ථාවේදී ධීවර ඇමතිවරයාගේ ආරක්ෂකයින් ඇමතිවරයා එම ස්ථානයෙන් ඉවත් කර ගෙන තිබේ. පසුව ධීවර අමාත්‍යංශ නිලධාරීන් හා පොලිසිය මැදිහත් වී ගැටුම සමථයකට පත් කළ බව පැවසේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p