රාජ්‍ය සේවය සඳහා නව වැටුප් ව්‍යුහයක්

December 24, 2015

වැටුප් දීමනා මූලික වැටුපට එකතු කිරීමත් සමඟ රාජ්‍ය සේවය සඳහා නව වැටුප් ව්‍යුහයක් සකස් කළ යුතු බව රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශ ලේකම් ජිනසිරි දඩල්ලගේ පැවසුවේ එසේ නොවුණහොත් වැටුප් විෂමතා ඇති වී යළි ගැටලුකාරී තත්ත්වයක් මතුවිය හැකි බවයි.

රාජ්‍ය සේවකයින් සඳහා අතුරු අයවැයෙන් ලබාදුන් රුපියල් දස දහසක දීමනාව අදියර තුනක් යටතේ මූලික වැටුපට එකතු කරන බව පසුගියදා රජය ප්‍රකාශ කළ අතර එය මූලික වැටුපට එක් කිරීමේ දී පවතින වැටුප් අනුපාත වෙනස් නොවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර තිබුණි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ජිනසිරි දඩල්ලගේ මහතා පැවසුවේ රාජ්‍ය සේවකයින් සඳහා අතුරු අයවැයෙන් ලබාදුන් එම දීමනාව මූලික වැටුපට එකතු කිරීමේ දී වැටුප් විෂමතා ඇති නොවීමට කටයුතු කරන බවයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p