නිෂා බිස්වාල් ලංකාවට පැමිණෙයි

December 20, 2015

අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු මධ්‍යම ආසියානු කටයුතු භාර සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය දිවයිනට පැමිණ තිබේ.

ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි ගුවන් යානයකින් නීෂා බිස්වාල් මහත්මිය මෙටට පැමිණ ඇති බව සඳහන්ය.

අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් මහත්මිය පෞද්ගලික සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇති බව  අද දෙරණ කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

මෙරටට පැමිණීමට පෙර නීෂා බිස්වාල් මහත්මිය ඉන්දියාවේ ද සංචාරයක නිරත වී තිබේ.

පසුගිය අගෝස්තු මාසයේදී නීෂා බිස්වාල් මහත්මිය ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක නිරත වුණි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p