නාමල් රාජපක්ෂගේ අධෝමුඛයයි මුඛයයි අතර දුර අඟලයි..

December 16, 2015

නාමල් රාජපක්ෂ මහතා අධෝමුඛයයි මුඛයයි අතර අඟලක් විතර පරතරය ඇති කතා පවසන්නේ තාත්තා ජනපති කාලයේ ඔහු මන්ත්‍රීවරයෙකු වූ නිසා යැයි මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පැවැති ශ්‍රීලනිප මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.

පක්ෂය රැක ගැනීමට සිටියේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු බවත්, ඉතිරි අය අනිත් පැත්තට පැන්න බවටත්, නාමල් රාජපක්ෂ මහතා විසින් පුවත්පතකට කර ඇතැයි කියන ප්‍රකාශයක් ගැන ශ්‍රීලනිපයේ මතය කුමක්දැයි මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය විය.

එහිදී රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ 2004දී කථානායකවරයෙකුවත් පත්කර ගැනීමට නොහැකි ආණ්ඩුවක් අපට තිබූ බවත්, එවකට මහින්ද රාජපක්ෂ මහතා යූඑන්පිය සමග ඩීල් එකක් දමා මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ගත් බවත්ය.

එසේම ‍මහින්ද රාජපක්ෂ මහතා කොටින් එක්ක ඩීල් එකක් දැමුවා යැයි සමහරු කියන බවත්, මේ නිසා උතුරේ ඡන්ද දැමීම වැළකුණ බවත්, ඒ කෙසේ වෙතත් එම ඩීල් එකෙන් ප්‍රභාකරන් පරාජය වූ නිසා එය හොඳ ඩීල් එකක් වු බවද, හෙතෙම පෙන්වාදුන්නේය.

එහෙත් නාමල් රාජපක්ෂ මහතා සිතා සිටියේ තාත්තා තවත් අවුරුදු 15ක් බලයේ සිටියා නම් රටේ නායකයා වීමට බවද එසේ වුවත් ශ්‍රීලනිපයේ මතය එය නොවන බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

තවද මහින්ද රාජපක්ෂ මහතාගේ අතේ ලේ ගෑවී නැති බවටත්, රාජපක්ෂ පරපුරේ සිටින්නේ දුරදිග බලා වැඩ කරන අය බවටත්, ඒකාබද්ධ විපක්ෂයේ අය කියන බවද හෙතෙම කියා සිටියේය.

එහෙත් නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වුණේ ජනපති මහින්ද රාජපක්ෂගේ කාලයේ බවත්, මේ නිසා ඔහු අධෝ මුඛයයි මුඛයයි අතර අඟලක් විතර පරතරයක් ඇති මෙවැනි කතා කියන බවත්, ‍රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

– අද දෙරණ

Sammy

Previous story Next story

Leave a comment

t

o

p