උපාලි සමරවීරට ඇමති ධූරයක්

December 3, 2015

උපාලි ඩෙල්ටන් සමරවීර මහතා ඌව පළාත් සභා අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ.

අද පස්වරුවේ පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපතිවරයාගේ කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ඒ මහතා දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

උපාලි සමරවීර මහතා ඌව පළාත් කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම්, සත්ව නිෂ්පාදන හා ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස මෙලෙස දිවුරුම් දී තිබේ.

බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ උපාලි සමරවීර මහතා වසර 15ක් ඌව පළාත් සභාවේ විපක්ෂ නායකධුරයේ කටයුතු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p