ඩලස්, පවිත්‍රා ආණ්ඩුවට?

November 29, 2015

මහින්ද රාජපක්ෂ පිළෙහි ඉදිරිපෙළ සාමාජිකයින් දෙදෙනෙකු වන ඩලස් අලහප්පෙරුම හා පවිත්‍ර වන්නිආරච්චි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා යහපාලන හවුල් ආණ්ඩුව හා එක්වීමේ සූදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීපාල සිරිසේන පිළ සමග පැවැති සාකච්ඡාවේදී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට කැබිනට් අමාත්‍ය ධූරයක් ලබා දීමට ජනාධිපතිවරයා එකඟතාවය පළකර ඇති බවත් ඊට මන්ත්‍රීවරයා කැමැත්ත පළ කර ඇති බවත් වාර්තා වේ.

රාජපක්ෂ පිලෙහි සිටිමින් දින සියය ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක සිට නැවත රාජපක්ෂ පිලට ගිය පවිත්‍ර වන්නිආරච්චි හිටපු ඇමතිවරියද මේ දින වල දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව පැවසේ. රාජපක්ෂ පිල සූදානම් කරනු ලබන උත්සව හා රැස්වීමවලට සහභගී වීමෙන් වැළකි සිටිමින් සිටින ඇය ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධූරයක් ලබා ගැනීමේ සූදානමකින් පසුවන බවට වාර්තා වේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p