සියයට 90 බෑ – සියයට 70 දෙසැම්බර් 01 වැනිදා සිට ක්‍රියාත්මකයි

November 27, 2015

කල්බදු ක්‍රමය යටතේ වාහන ගැනීමේදී ණය ලබා ගැනීමේ පහසුකම තක්සේරු වටිනාකමින් සියයට  70ක් දක්වා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

දෙසැම්බර් 01 වනදා සිට එය ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

වාහනයක තක්සේරු වටිනාකමින් සියයට 100 ණය පහසුකම් ලබාදීම අත්හිටුවමින් පසුගිය සැප්තැම්බර් 14 වනදා සිට සියයට 70 ක ණය පහසුකම් ලබාදිය යුතු බව රජය තීරණය කර තිබුණි.

ඊට එල්ල වූ විරෝධය හේතුවෙන් සියයට 90 ක ප්‍රතිශතයක් දක්වා ණය පහසුකම් ලබා ගත හැකි පරිදි චක්‍ර ලේඛයක් නිකුත් කර තිබූ අතර එය මේ මස 30 වන දින දක්වා පමණක් වලංගුය.

ඒ අනුව දෙසැම්බර් 01 වනදා සිට සියයට 70 ණය පහසුකම් ලබාදීමේ ක්‍රමය ක්‍රියාත්මක වනු ඇත.

මේ අතර ලීසිං හෙවත් කල්බදු ව්‍යාපාරයට බැංකු යොමුවීම හේතුවෙන් එහි ප්‍රධාන කාර්යය භාරය වෙනස්වී ඇති බව දක්වමින් 2016 ජුනි මස 01 වන දින සිට බැංකු කල්බදු ව්‍යාපාරයේ යෙදවීම නවතා දැමිය යුතු බවට මෙවර අයවැයෙන් යෝජනා කර ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p