ආගමන විගමන නීතිය යටතේ ඇප බෑ- කුමාර් යළි රිමාන්ඩ්

November 27, 2015

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා දෙසැම්බර් මස 11 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද(27) යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් ඇප ලබාදෙන ලෙස විත්තියේ නීතිඥයින් විසින් ඉල්ලීමක් කර ඇති බවව සඳහන්ය.
එසේ වුවද කෑගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙහිදී පවසා ඇත්තේ ආගමන විගමන පනත යටතේ මොහුට ඇප ලබාදිය නොහැකි බවයි.

ඒ අනුව අදාළ නඩුව විභාග කළ යුතු බව පෙන්වාදී ඇති විනිසුරුවරයා නඩු විභාගය ජනවාරි මස 08 වන දින ආරම්භ කරන බව දැනුම් දී තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p