රටට ආදරය කරන සියල්ලන් අයවැය පැරදවීමට ඡන්දය දිය යුතුයි…

November 25, 2015

ජනතාවගේ හිස මත බදු බර පටවමින් රට විදේශිකයන්ට විකිණීම සඳහා සකස්‌ කර ඇති මෛත්‍රී – රනිල් හවුල් ආණ්‌ඩුවේ මංගල අයවැය පරාජයට පත් කිරීම සඳහා රටට ආදරය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දය භාවිත කළ යුතු යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්‌වූ අමරසිංහ මහතා මෙසේද පැවසීය.

‘මේ අයවැය ලේඛනය සුරංගනා කතාවලින් සහ සංඛ්‍යාලේඛනවලින් පිරුණු හිස්‌ කොළයක්‌ විතරයි. මේ රට ආර්ථික වශයෙන් ශක්‌තිමත් කරන්න මේ ආණ්‌ඩුවට නිවැරැදි දැක්‌මක්‌ හෝ වැඩපිළිවෙළක්‌ නැහැ.

ජනතාවගේ හිස මත බදු බර පටවලා ජනතාව දීර්ඝ කාලයක්‌ තිස්‌සේ භුක්‌ති විඳපු සහන කප්පාදු කරලා, රටක්‌ දියුණු කරන්න බැහැ. මේ අය – වැය ලේඛනයේ රට ආර්ථික වශයෙන් ශක්‌තිමත් කරන රටේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කරන අලුත් යෝජනා කිසිවක්‌ නැහැ’

– දිවයින

Sammy

Previous story Next story

Leave a comment

t

o

p