13 හැවිරිදි පාසල් සිසුවෙක් ගෙල සිරකර ඝාතනය කරලා

November 19, 2015

පණාමුර ප්‍ර දේශයේ අවුරුදු 13ක පාසල් සිසුවෙකු  ගෙල සිරකර ඝාතනය කර තිබේ.

අදාළ සිසුවාගේ ශරීරය පතල් වළක තිබී පණාමුර පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍ර කාශක කාර්යාලය සඳහන් කරයි.

අදාළ 13 හැවිරිදි පාසල් සිසුවා 14 හැවිරිදි තවත් පාසල් සිසුවෙකු සමඟ ඔවුන්ගේ පාසලෙන් පිටත්ව ගිරවුන් ඇල්ලීමට ගොස් තිබේ.

එහිදී අවුරුදු 13ක පාසල් සිසුවා ගසකින් වැටී පතල් වලට වැටුණු බව අදාළ සිසුවා සමඟ ගිය අනෙක් සිසුවා පොලීසියට ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණි ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා පරීක්ෂණ පවත්වා ඇති අතර අදාළ මරණය සැක සහිත බැවින් අදාළ 14 හැවිරිදි සිසුවා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මිය ගිය පාසල් සිසුවාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර එහිදී පහරදී ගෙල සිරකර සිදුකරන ලද ඝාතනයක් බව අනාවරණය වී ඇති බව පොලීසිය පැවසුවේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p