නිල ඇඳුම් වෙනුවට වවුචර් ඇයි?

November 19, 2015

නිල ඇඳුම් වෙනුවට සිසුන්ට වවුචර් ලබාදීමට තීරණය කළේ ප්‍රමිතියෙන් තොර ඇඳුම් ඔවුන් අතට පත්වීම වැළැක්වීමටත්, අතරමැදියන් කොමිස් ගැසීම වැළැක්වීමටත්, රුපියල් මිලියන 500ක් පමණ ඉතිරි කර ගෙන එයද අධ්‍යාපනයේ දියුණුවට යෙදවීම සඳහාත් යැයි අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
මෙරට පාසල් සිසුන් ලක්ෂ 42ක් පමණ සිටින බවත්, ඔවුන්ට නිල ඇඳුම් ලබාදීම සඳහා පසුගිය වසරට රුපියල් බිලියන 2.3ක් වැය කර ඇති බවත්, නව වැඩපි‍ළිවෙළ යටතේ ඊට වඩා අඩු මුදලක් වැය වෙතැයි ගණන් බලා ඇති බවත්, අමාත්‍යවරයා කියයි.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (19) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
නිල ඇඳුම් ලබාදීමේදී ඒවා නිසි පරිදි පරික්ෂා කිරීමක් සිදුනොවීම නිසා බොහෝ අවස්ථාවල සිසුන්ට ලැබී ඇත්තේ ප්‍රමිතියෙන් තොර ඇඳුම් බවත්, ඇතැම් විට 1 වසර සිසුන්ට ලබාදෙන රෙදි ප්‍රමාණය වැඩි බවත්, එසේම ඉහළ පංතිවල සිසුන්ට ලැබෙන රෙදි ප්‍රමාණය අඩු වී ඇති බවත්, ඒ මහතා පෙන්වාදුන්නේය.
නව ක්‍රමය යටතේ මවුපියන්ට තමන් කැමති හොඳ කඩයකට ගිහින් රෙදි හෝ මසා නිම කළ ඇඳුම් මිලදී ගැනීමට හැකි බවත්, වවුචර් ක්‍රමය යටතේ ශිෂ්‍ය භික්ෂූන් උදෙසා රුපියල් 1700ක වවුචරයක්, එක වසර සිසුන්ට එය රුපියල් 400ක්, මීට අමතරව 1000, 800, 750, 720 මිල ගණන් යටතේ වවුචර් ලබාදෙන බවත්, අමාත්‍යවරයා පැවසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p