24 වන පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව මෝල්ටාවේදී

November 15, 2015

24 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව මේ මස අග දී මෝල්ටාහිදී පැවැත්වීමට නියමිතව තිබේ.

මේ මස 27 වැනිදා සිට 29 වැනිදා දක්වා සමුළුව පැවැත්වෙන අතර එහි වත්මන් සභාපති ධුරය දරනුයේ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.

ඉදිරි වසර 02 සඳහා  නව සභාපති ධුරය මෝල්ටා රාජ්‍ය වෙත හිමිවීමට නියමිතය.

මෙවර සමුළුව සඳහා එංගලන්ත මහ රැජිණ සහ ඩියුක් ආදිපාදවරයා ඇතුළු රටවල් 53ක් නියෝජනය කරමින් රාජ්‍ය නායකයින් සහභාගී වෙයි.

1971 වසරේ ආරම්භ වු පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සෑම දෙවසරකටම වරක් පැවැත්වෙන අතර 2013 වසරේ දී එම සමුළුව පැවැත්වුණේ කොළඹදී ය.

බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්ව පැවති රටවලින් සමන්විත මෙම සංවිධානය ලෝක ජනගහනයෙන් බිලියන දෙකයි දශම දෙකක් පමණ නියෝජනය කරන ප්‍රබල සංවිධානයක් වෙයි.

මෙවර සමුළුව මෝල්ටාහිදී පැවැත්වෙන්නේ දෙවන වරටය.

2005 වසරේ දී ද මෝල්ටාහිදී රාජ්‍ය නායක සමුළුවක් පැවැත්වුණි.

මධ්‍ය ධරණී මුහුදේ පිහිටි දූපත් තුනකින් සමන්විත මෝල්ටා රාජ්‍ය යුරෝපා සංගමයට අයත් රටක් වන අතර යුරෝපයේ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් දවෙයි.

මේ අතර රාජ්‍ය නායක සමුළුවට ආරක්ෂාව සැපයීම සඳහා බ්‍රිතාන්‍ය යුධ නෞකා දෙකක් මේ වන විට මෝල්ටා රාජ්‍ය යේ මුහුදු සීමාවට පැමිණ ඇති බව  වාර්තා වෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p