එල්.ටී.ටී.ඊ සැකකරුවන් ඇප මත මුදාහැරීම ගැන පැහැදිලි කිරීමක්

November 14, 2015

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සැකකරුවන් අතරින් බරපතළ අපරාධමය නොවන වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් දැඩි ඇප කොන්දේසී මත මුදාහැරීමට කටයුතු කළ ද එය පූර්ණ නිදහස් කිරීමක් නොවන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

සැකකරුවන් 60 ක පමණ පිරිසක් අධිකරණය විසින් නියම කරනු ලබන ඇප කොන්දේසි මත මුදා හැරීමට කටයුතු සලසා ඇති බව එම අමාත්‍යාංශය පෙන්වාදෙයි.

මෙම සැකකරුවන් මුදා හැරීම බරපතළ වරදක් ලෙස අර්ථකථනය කිරීමට  ඇතැමුන් ඉදිරිපත්වී ඇති බව පවසන අධිකරණ අමාත්‍යාංශය මෙලෙස ඇප මත මුදාහැර ඇත්තේ බරපතළමය අපරාධවලට සම්බන්ධ නොවන පිරිසක් බව පවසයි.

එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඉතා බරපතළ ඝනයේ අපරාධවලට සම්බන්ධ බවට චෝදනා ලැබූ 140 දෙනෙකු 2010 වසරේ දී එවකට නීතිපතිවරයා විසින් ලබාදුන් නියෝගයකට අනුව ඇප මත නිදහස් කිරීමේ සිදුවිම රජයට චෝදනා නගන කණ්ඩායම්වලට සිහිපත්  කළ යුතුව ඇති බව  අධිකරණ අමාත්‍යාංශය පෙන්වාදෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p