අනුන්ට උපකාර කිරීමේ ලෝක දර්ශකයේ 8වන ස්ථානය ශ්‍රී ලංකාවට

November 10, 2015

2015 වසරේ අන්‍යයන්ට උපකාර කිරීමේ ලෝක දර්ශකයේ 8වන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

බ්‍රිතාන්‍යයේ සහන සේවා ආයතනයක් විසින් රටවල් 145ක් යොදා ගනිමින් වාර්ෂිකව සිදුකරන ලද සමීක්ෂණයකට අනුව ශ්‍රී ලංකාව මෙලෙස 08 වන ස්ථානයට පත්ව ඇති බව සඳහන්ය.

උපකාර අවශ්‍ය පුද්ගලයින් සඳහා මුදල් පරිත්‍යාග කිරීම්, ස්වෙච්ඡා සේවාවන් ලබාදීම් ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් අදාළ දර්ශකය සකස් කර ඇත.

ඒ අනුව අන්‍යයන්ට උපකාර කිරීමේ දර්ශකයේ පළමු ස්ථානයට පත්ව ඇත්තේ මියෙන්මාරය යි.

දෙවන ස්ථානයට අමෙරිකාව පත්ව ඇති අතර තෙවන ස්ථානයට නවසීලන්තයත් සිව්වන ස්ථානයට කැනඩාවත් පස්වන ස්ථානයට ඔස්ට්‍රේලියාවත් පත්ව සිටියි.

අසල්වැසි ඉන්දියාව අන්‍යයන්ට උපකාර කිරීමේ දර්ශකයේ 106 වන ස්ථානයටත්, පාකිස්ථානය 94 වන ස්ථානයටත්, ඇෆ්ගනිස්ථානය 84 වන ස්ථානයටත් පත්ව ඇති බව සඳහන්ය.

ලොව ආර්ථික බලවතුන් ලෙස සැලකෙන “ජී – 20“ රටවල් අතරින් අන්‍යයන්ට උපකාර කිරීමේ දර්ශකයේ පළමු 20  අතරට පැමිණ ඇත්තේ රටවල් 5ක් පමණි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p