හිටපු ඩී.අයි.ජීට අදත් ඇප නෑ

November 6, 2015

වව්නියාව ප්‍රදේශයේ නිධන් හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වව්නියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති සහ හිටපු ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ලබන 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඔවුන් අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් වී. රාමකමලන් මහතා විසින් අදාළ නියෝගය ලබාදුන් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා  වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඇප ඉල්ලා සිටිය ද පැමිණිලිකාර පාර්ෂවය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරුන් ඇප ලබාදීමට විරෝධය දැක්වීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p