මෑන් පවර් සේවකයින් 2367ක් ස්ථීර කරනවා

November 4, 2015

විදුලිබල මණ්ඩලය තුළ සේවය කරන 5988ක් වන මෑන් පවර් සේවකයින්ගෙන් 2367ක් ලබන වසරේ ජනවාරී වන විට ස්ථීර කරන බව විෂයභාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඉතිරි සුදුසුකම් සපුරා නැති සේවකයින්ට සිය සේවය ස්ථීර කර ගැනීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීමට කාලය ලබාදෙන බවද ඒ මහතා කියයි.

ශ්‍රීලනිප මූලස්ථානයේ අද පැවැති  මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.

නිවස ආසන්නයේ විදුලි කණු ඇති එහෙත් නිවසට විදුලිය  ලබා ගැනීමට මූල්‍යමය හැකියාවක් නැති ලක්ෂ 2ක් පමණ සිටින බවත්, ඔවුන්ට සියයට 7ත්8ත් පොලියකට රුපියල් 40,000ක පමණ ණයක් ලබාදීමේ වැඩපිළිවෙළක් සකසන බවද ඔහු කීවේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p