ඇමරිකානු යුධ යන්ත‍්‍රය සක‍්‍රියව තැබීමට රුසියාව චීනය සතුරු වීම අවශ්‍ය

November 3, 2015

ඇමරිකාවේ යුධ යන්ත‍්‍රය පණ ගන්වා තැබීම සඳහා ඔවුන් චීනය හා රුසියාව සමග පසමිතුරු බව ගොඩනගමින් සිටින බව දේශපාලන විශ්ලේෂක මයිකල් ස්පි‍්‍රන්ග්මාන් පවසයි.

ඔහු පවසා ඇත්තේ දකුණු චීන මුහුදේ නාවික මෙහෙයුම් අඛණ්ඩව සිදුකිරීම මෙවැනි කුපිත කරවනසුළු ක‍්‍රියාවක් බවයි.

චීනය විසින් දකුණු චීන මුහුදේ පිහිටා ඇති ස්ප‍්‍රැට්ලි කොදෙව් සමූහය ආශ‍්‍රිතව කෘත‍්‍රිම දිවයින් තැනූ අතර එය ආශ‍්‍රිතව පිහිටවූ නාවික සැතපුම් 12 සීමාව උල්ලංඝනය කරමින් ඇමරිකාව යුධ නෞකාවක් යාත‍්‍රා කිරීමට කටයුතු කරන ලදී.

චීනය සමග දකුණු චීන මුහුදේ ස්වභාවික සම්පත් සඳහා අයිතිවාසිකම් කියන ජපානය, වියට්නාමය හා පිලිපීනය යන ඇමරිකානු මිතුරන් සැනසීම සඳහා මෙම පියවර ගත් බව පැවසේ.

චීනය විසින් මෙය තරයේ හෙළාදුටුවද පසුගියදා ඇමරිකානු ආරක්‍ෂක ලේකම් ඇෂ්ටන් කාටර් පවසා ඇත්තේ ඇමරිකාව විසින් අර්බුදකාරී කලාපයේ ක‍්‍රියාත්මක කරන මෙහෙයුම් නොනවත්වන බවයි.

සිරියාව තුළ රුසියාව විසින් ත‍්‍රස්තවාදය පරාජය කරන හෙයින් ත‍්‍රස්තවාදය නම් පැරණි සතුරා පෙන්වීමට ඇමරිකාවට නොහැකිව ඇති බව ස්ප‍්‍රින්ග්මාන්ගේ අදහසයි.

මේ නිසා නව සතුරකු අවශ්‍යව ඇති බවත් රුසියාව හා චීනය කුපිත කරවමින් පසමිතුරු බව නිර්මාණය කරමින් සිටින්නේ ඒ නිසා බවත් ඔහු පවසා තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p