හමුදා කඳවුර තුළදීම හොර සල්ලි අච්චු ගහලා

October 31, 2015

රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 02 ක් සමග යුද හමුදා සෙබලු දෙදෙනෙක් ඇල්ල පොලිස් වසමේ මිල්ලගම දී අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය පවසයි.

මෙම මුදල් දියතලාව යුද හමුදා කඳවුර තුළදීම යුද හමුදා සෙබලුන් දෙදෙනෙක් මුද්‍රණය කර ඇති බව අනාවරණය වී ඇති අතර ඒ සඳහා යොදාගත් මුද්‍රණ යන්ත්‍රයක් ද සෙයාගත් බව පොලීසිය සඳහන් කරයි

ව්‍යාජ මුදල් ප්‍ර‍දේශය තුළ සංසරණයවන බවට තොරතුරු ලැබී ඇති බැවින් විමසිලිමත්ව මුදල් පරිහරණය කරන ලෙස පොලීසිය අවවාද කරයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p