අලුත්වැඩියා නෑ – S8 කොට උඩ

October 28, 2015

ඉදිරියේදී “S8“ වර්ගයේ දුම්රිය බලවේග කට්ටල ධාවනයෙන් ඉවත් කිරීමට සිදුවන තත්ත්වයක් උදා වී ඇති බව සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය පවසයි.

1990 වර්ෂයේ දී “S8“ වර්ගයේ දුම්රිය බලවේග කට්ටල මෙරටට ගෙන්වා ඇති අතර  අවශ්‍ය අලුත්වැඩියා කටයුතු සිදුකරමින් වසර 25ක පමණ කාලයක් මෙම බලවේග කට්ටල ධාවනයේ යොදවා ඇත.

කෙසේවෙතත් අලුත්වැඩියා කටයුතු සඳහා අමතර කොටස් ගෙන්වීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම නිසා මේ වන විට බලවේග කට්ටල 5ක් හා මැදිරි  20ක් ධාවනයෙන් ඉවත් කර ඇති බව එම සංගමය සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p