ත්‍රිවිධ හමුදාවේ ගෞරවය සහ අභිමානය ආරක්ෂා කරනවා

October 27, 2015

ජාත්‍යන්තර චෝදනාවලට මුහුණදීමේදී ත්‍රිවිධ හමුදාවේ ගෞරවය සහ අභිමානය ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ත්‍රීවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ දුර්වල කිරීමට කිසිදු අයුරකින් ඉඩ නොතබන බවයි.

අද පෙරවරුවේ පනාගොඩ ශ්‍රී ලංකා පාබල හමුදා මුලස්ථානයේ පැවැති වර්ණ ප්‍රධානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත.

ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගෙන් අනතුරුව වසර 25 කට පසු ශ්‍රී ලංකා පාබල හමුදාවේ වර්ණ ප්‍රධානෝත්සවයකට රාජ්‍ය නායකයෙකු සහභාගී වූ ප්‍රථම අවස්ථාවද මෙය වේ.

පාබල හමුදා මුලස්ථානය වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී විශේෂ හමුදා උත්තමාචාරයක් සහිතව පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p